ටැංකියක් පටන් ගනිමු - 2
කලින් ලිපියේ දි අපි අළුතින්ම පටන් ගන්න මාළු ටැංකියක් පදම් කරගන්න හැටි සහ ටැංකියක් තොරගන්න හැටි කියලා දුන්නා නෙහ්.
අද කියලා දෙන්න යන්නේ අළුතින් පටන් ගන්න ටැංකියක වතුර පෙරනය (ෆිල්ටරය) ස්ථාපිත කරගන්න හැටි සහ ජලජ පැලෑටි සිටුවා ගන්න ආකාරය කියලා දෙන්න. කවුරුත් දන්නවා නෙව ෆිල්ටරයකින් කරන්නේ වතුර පෙරන එක කියලා.
මාළු ටැංකිවලට පාවිච්චි ෆිල්ටරුත් වර්ග කිහිපයක්ම තියෙනවා. පහල පින්තූරයේ තියෙන්නේ එක් එක් වර්ගයේ ෆිල්ටර් වලට උදාහරණ ! එක් එක් ෆිල්ටරයේ ක්‍රියාකාරීත්වය අනුව ෆිල්ටර් වර්ග කිහිපයකට බෙදෙනවා. ලිපිය නීරස වෙන නිසා මේවා ගැන වැඩිදුර විස්තර කරන්න යන්නේ නෑ. මේ ෆිල්ටර් අතරින් ගොඩක්ම ජනප්‍රිය ෆිල්ටර් ජාතිය තමයි අන්ඩර්ග්‍රැවල් ෆිල්ටරය!
ඒ නිසා මම මේ ලිපියෙන් කියන්න යන්නේ අන්ඩග්‍රැවල් ෆිල්ටරයක් හරියාකාරව ස්ථාපනය කරගන්නෙ කොග්හොමද කියලා. ඉංග්‍රීසියෙන් ග්‍රැවල් කියන්නේ කුඩා කුඩා ගල් වර්ග වලට. අන්න ඒ කුඩා ගල් වර්ග වලට යටින් ස්ථාපිත කරන ෆිල්ටරය කිසා තමයි මේකට අන්ඩර්ග්‍රැවල් ෆිල්ටරය කියන්නේ.
ෆිල්ටරය ස්ථාපිත කරන්නේ මෙහෙමයි !
මුලින්ම ටැංකියේ මදක් අඳුරු කෙලවරක් තෝරාගන්න. ඊට පස්සේ ෆිල්ටරයේ බටය ටැංකියේ මුල්ලකට ආසන්න වෙන විදිහට ෆිල්ටරය ස්ථානගත කරන්න. ඊට පස්සේ කුඩා ගල් වර්ග (ග්‍රැවල්) අඟලක් හෝ දෙකක් උසට අතුරන්න. ෆිල්ටරයේ හතරැස් පතුල වැහෙනකන්ම මේ කුඩා ගල් අතුරන්න.
ටැංකියේ අදුරු මුල්ලක ෆිල්ටරයේ බටය සවි කිරීමෙන් ටැංකියට ලස්සනක් එකතු වෙනවා.ඒ වගේම බිත්තර මගින් බෝවෙන ඒංජල් වගේ මාළු ජාති ෆිල්ටරයේ බටයේ බිත්තර අලවන නිසා උන්ටත් ඒක පහසුවක් වෙනවා.
හරි... අපි දැන් බලමු කොහොමද ජලජ පැලෑටි වර්ග හිටව ගන්නේ කියලා.
ජලජ පැලෑටි හිටවන එක වගේම හිටවන තැනත් ගොඩක් වැදගත් වෙනවා. කෙලින්ම සූර්යාලෝකය ලැබෙන තැනක පලෑටී හිටවනවා නම් ඒක හොඩක්ම හොඳයි.එතකොට ප්‍රභාසංස්ලේශනයට ඕන කරන ආලෝකය කෙලින්ම සූර්යාලෝකයෙන් ගන්ඩ පුලුවන්.
අඳුරු තැනක හිටවනවා නම් ජල ගැළුමකට වොට් 2-4ක වෙන පරිදි ටියුබ් ලයිට් එකක් ටැංකියට ඉහලින් සවිකරන්න අමතක කරන්න එපා.එහෙම නැති උනොත් ජලජ පැලෑටී ටික ජලයේ දියවෙච්ච ඔක්සිජන් ටික පාවිච්චි කරලා මාළුන්ට ඔක්සිජන් හිඟවීමක් ඇතිවෙන්න පුලුවන්.
පැලෑටී සිටුව්විම සඳහාම තියෙන කුඩා දැල් බාස්කට් වර්ග පාවිච්චි කරන්න පුලුවන්. එහෙම නැත්නම් කෙලින්ම පහල කුඩාගල් ස්ථරයේ පොඩි කුහරයක් හදලා හිටවගන්නත් පුලුවන්. දැල් බාස්කට් පාවිච්චි කරනවා නම් ඒවා කුඩා ගල් ස්තරයේ සම්පූර්ණයෙන්ම ගිල්වන්න.
මීට අමතරව අළුතින් හදුන්වා දීලා තියෙන 'සක්ශන් කප්' වර්ගත් පාවිච්චි කරන්න පුලුවන්.
එහෙනම් ගිහින් එන්නම්...
ජය වේවා !
දවසේ සුරතල් මත්ස්‍යයා - ගෝල්ඩ් ෆිෂ් (Gold Fish)

No comments:
Post a Comment